Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වාහන සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

වාහන සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

වාහන සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

QR කේතය යටතේ ඉන්ධන ලබා දෙන කෝටාව ඉයේ (21) මධ්‍ය රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව මෝටර් රථය සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ යනු ඇත.

ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 දක්වා ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

වෑන් රථ සඳහා ලීටර් 50ක් ලෙසත් යතුරුපැදි සඳහා ලීටර් 8ක් ලෙසත් බස් රථ සඳහා ලීටර් 100ක් ලෙසත් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

Exit mobile version