Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන QR පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය සහ නව ලියාපදිංචි කිරීම් ගැන විශේෂ දැනුම්දීමක්

ඉන්ධන QR පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය සහ නව ලියාපදිංචි කිරීම් ගැන විශේෂ දැනුම්දීමක්

ඉන්ධන QR පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය සහ නව ලියාපදිංචි කිරීම් ගැන විශේෂ දැනුම්දීමක්

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) සම්බන්ධයෙන් පවතින තාක්ෂණික ගැටලු මේ වන විට සාර්ථකව නිරාකරණය කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව, අද දින(17) පෙරවරුව වන විට පවතින සියලු බාධාවන් ඉවත් කර පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

විශේෂයෙන්ම 2023 වසරේ අගෝස්තු මාසයෙන් අනතුරුව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා නීත්‍යානුකූලව හිමිකාරීත්වය පවරා ගන්නා ලද වාහන වෙනුවෙන් නව QR කේතයක් ලබාගත යුතු වේ.

මෙම නව ලියාපදිංචි කිරීම් සඳහා අවශ්‍ය වන පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

යම් QR කේතයකට අදාළ දුරකථන අංකයක හිමිකාරීත්වය මාරු වී ඇත්නම් හෝ අදාළ දුරකථන සබඳතාව විසන්ධි වී ඇත්නම්, එවැනි පාර්ශ්වයන් පිළිබඳ තොරතුරු අදාළ ජංගම දුරකථන සේවා සපයන සමාගම් වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව එම සමාගම් විසින් ලබාදෙන යාවත්කාලීන දත්ත මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක වේ.

මේ අතර, ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේදී අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ව්‍යාජ සබැඳි (Links) වෙත ප්‍රවේශ වී තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දත්ත අවභාවිතය වළක්වා ගැනීම සඳහා සැමවිටම රජයේ නිල පද්ධතිය පමණක් භාවිත කරන ලෙසත්, පවතින ගැටලු සඳහා 1919 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසත් වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.

Exit mobile version