Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත්කිරීම ගැන දැනුම්දීමක්

පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත්කිරීම ගැන දැනුම්දීමක්

පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත්කිරීම ගැන දැනුම්දීමක්

පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් දැනුම්දීමක් කර තිබේ.

දේශීය හා විදේශීය පුරවැසියන් විවිධ අවශ්‍යතා සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම හා ඊට අදාළවන ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් නිරන්තරයෙන් විමසීම් සිදුකරන බව අදාළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවියට පිවිස www.police.lk හරහා E-service යොමුවට පිවිස Clearance Certificates යන්න තෝරාගෙන අදාළ අයදුම්පත සම්පූර්ණ කර නිෂ්කාශන වාර්තා ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට ඉඩ සලසා දී ඇත.

ශ්‍රී ලංකා පොලිසිය විසින් විදේශගතව සිටින පුරවැසියෙකු පොලිස් නිශ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා සඳහා රුපියල් 5,100ක මුදලක් ගෙවිය යුතු වන අතර, ඊට අදාල මුදල් ලදුපත ලැබීමෙන් පසු දින 14ක් වැනි කාලයකදී තම පොලිස් නිෂ්කාශන වාර්තාව ලබා ගැනීමේ හැකියාව ඇති බව අදාළ නිවේදනයෙ දැක්වේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය,

Exit mobile version