Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරාන නෞකාවේ සිටි 204 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට

ඉරාන නෞකාවේ සිටි 204 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට

ඉරාන නෞකාවේ සිටි 204 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට

ඉරානයට අයත්, IRINS bushehr නෞකාවේ සිටි 204 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගිය බව නාවික හමුදාව පවසයි.

ඔවුන් කොළඹ වරායට රැගෙන ඒමෙන් අනතුරුව, වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේය.

නෞකාවේ කාර්ය මණ්ඩලය තවමත් එහි සිටින බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ලදි.

ඔවුන් කොළඹ වරායට රැගෙන විත් වැලිසර නාවුක හමුදා කඳවුරට යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා නාවික හමුදා කාර්ය මණ්ඩලයක් මගින් නෞකාව ඊයේ (06), ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට නියමිත බවය.

IRINS bushehr නෞකාව, මෙරටට පැමිණීමට අවසර ඉල්ලා තිබුණි.

ඒ අනුව මානුෂීය ප්‍රතිපත්තියක සිට ඔවුන් මෙරටට ඇතුලු කරගැනීමට තීරණය කළ බව,ඉකුත් බ්‍රහස්පතින්දා (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරන ලදි.

Exit mobile version