Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

22වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් ගණන 13 දක්වා ඉහළට

22වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් ගණන 13 දක්වා ඉහළට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු විසිනි.

සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීති විරෝධී බවත්, එමඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

Exit mobile version