Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුද්ධයෙන් ඊශ්‍රායල ආර්ථිකයට පාඩුව ඩොලර් බිලියන 2.9ක්

යුද්ධයෙන් ඊශ්‍රායල ආර්ථිකයට පාඩුව ඩොලර් බිලියන 2.9ක්

යුද්ධයෙන් ඊශ්‍රායල ආර්ථිකයට පාඩුව ඩොලර් බිලියන 2.9ක්

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායල ආර්ථිකයට සිදුවන හානිය සතියකට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් දක්වා ඉහළ යා හැකි බව එරට මුදල් අමාත්‍යාංශය පවසයි.

ඊශ්‍රායල මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම දැවැන්ත මූල්‍ය අලාභය ගණනය කර ඇත්තේ යුද්ධය නිසා එරට නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම, ආරක්ෂක වියදම් ඉහළ යාම සහ ව්‍යාපාරික කටයුතුවලට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමිනි.

දීර්ඝකාලීනව මෙම ගැටුම පැවතුණහොත් ඊශ්‍රායලයේ දළ දේශීය නිෂ්පාදිතයට සහ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.

විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රය ද දැඩි පසුබෑමකට ලක්ව ඇති බව විදෙස් මාධය පවසයි.

Exit mobile version