Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථානවලට දැඩි හානි

ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථානවලට දැඩි හානි

ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථානවලට දැඩි හානි

යුදමය වාතාවරණය හමුවේ ලොව ප්‍රමුඛතම Cloud Services සපයන්නා වන ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථාන කිහිපයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දත්ත මධ්‍යස්ථාන දෙකකට සෘජුවම හානි සිදුව ඇති අතර බහරේනයේ පිහිටි මධ්‍යස්ථානයකටද ඉන් බලපෑම් එල්ල වී තිබේ.

මෙම අනපේක්ෂිත සිදුවීමත් සමග මැදපෙරදිග කලාපයේ බැංකු කටයුතු, වෙබ් අඩවි සහ ජංගම දුරකථන යෙදුම් රැසක ක්‍රියාකාරිත්වය අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති අතර විදුලි පද්ධති අක්‍රිය වීමෙන් දත්ත සැකසීමේ කටයුතු නතර වී ඇති බව සඳහන්.

පවතින අනාරක්ෂිත බව හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තම සේවාවන් භාවිතා කරන සියලුම ආයතන වෙත වහාම තම දත්ත යුරෝපය හෝ අමෙරිකාව වැනි ආරක්ෂිත කලාපවල පිහිටි සර්වර් වෙත මාරු කරන ලෙස ඇමසන් සමාගම උපදෙස් දී තිබෙනවා.

මේ වන විටත් එමීර් රාජ්‍යයේ ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක ඩිජිටල් ගනුදෙනු පද්ධති අක්‍රිය වී ඇති අතර එය ජන ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙය ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමක දත්ත යටිතල පහසුකම්වලට යුදමය ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම අවස්ථාවලින් එකක් ලෙස සැලකෙන අතර, මේ හේතුවෙන් කලාපයේ ඩිජිටල් ස්ථාවරත්වය පිළිබඳ දැඩි ගැටලුවක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Exit mobile version