Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආරක්ෂක විශ්ලේෂන අවසන් වන තෙක් මැදපෙරදිග දක්වා සියලු ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි

ආරක්ෂක විශ්ලේෂන අවසන් වන තෙක් මැදපෙරදිග දක්වා සියලු ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි

ආරක්ෂක විශ්ලේෂන අවසන් වන තෙක් මැදපෙරදිග දක්වා සියලු ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි

මැදපෙරදිග යුධමය වාතාවරණ තත්ත්වය සැළකිල්ලට ගෙන ආරක්ෂක විශ්ලේෂන අවසන් වන තෙක් මැදපෙරදිග දක්වා සියලු ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර තිබේ.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සදහන් කරන්නේ ඇතැම් ගුවන් කලාප සීමිත කාලයකට විවෘත කර තිබුණත් තවමත් සිවිල් ගුවන් කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බවයි.

මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ගුවන් සේවා ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමේ විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මෙම සාකච්ඡාවට ගල්ෆ් කලාපයේ සියලුම ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින්ද එක්ව සිටියා.

එමෙන්ම ගුවන් ටිකට්පත් සඳහා යළි දින සහ කාලය වෙන්කර ගැනීමේ දී කිසිදු මුදලක් අයකර නොගන්නා බවට සියලු ගුවන් සමාගම් සහතික වූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා අවලංගු කරන ගුවන් ටිකට්පත් සඳහා සම්පූර්ණ මුදලම ලබාදීමට අදාළ ගුවන් සමාගම් කැමැත්ත පළකළ බවයි ප්‍රකාශ කළේ.

මේ අතර මැදපෙරදිග පවතින තත්ත්වයට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්මට ප්‍රමුඛතාව දීම මෙන්ම මැදපෙරදිග කලාපයේ සිටින මිලියනයක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සදහා ප්‍රමුඛ අවදානය යොමු කරමිනුයි මෙම ඒකකය ක්‍රියාත්මක වන්නේ.

හදිසි ප්‍රතිචාර ඒකකය සතිඅන්තය ඇතුළුව දිනපතා පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා ක්‍රියාත්මක වනවා.

එම ඒකකය සමග සම්බන්ධවීම සඳහා විශේෂ දුරකතන අංක කිහිපයක්ද හඳුන්වා දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ පිහිටි තානාපති කාර්යාල මහ කොමසාරිස් කාර්යාලවල හා මෙරට රැදී සිටින විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන දැනුවත් කරමින් අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

පැය 24 ආවරණය වන පරිදි මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් එහිදී පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.

ආරක්ෂක සැළසුම් ක්‍රියාත්මක කිරීමේ දී ත්‍රිවිධ හමුදා සහාය අවශ්‍ය නම් ඒ සඳහාද පියවර ගැනීමට උපදෙස් ලබාදී තිබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

Exit mobile version