Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන වැසියන් 787කට දිවි අහිමි වෙයි; ඉන් 176 දෙනෙකු ළමුන්

අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන වැසියන් 787කට දිවි අහිමි වෙයි; ඉන් 176 දෙනෙකු ළමුන්

අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන වැසියන් 787කට දිවි අහිමි වෙයි; ඉන් 176 දෙනෙකු ළමුන්

මේ දක්වා අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට සිදුව ඇති බලපෑම ඉරානයේ රතු කුරුස සංගමය විසින් යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව ප්‍රහාර හමුවේ පුද්ගලයින් 787කට දිවි අහිමි වී ඇති අතර ඉන් 176 දෙනෙකු ළමුන් බවයි එම සංගමය සඳහන් කරන්නේ.

මෑත කාලීන ප්‍රහාරවලින් රට පුරා අවම වශයෙන් නගර 153ක් පීඩාවට පත්ව ඇති බව සඳහන් කරනවා.

මේ වන විට අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාරවලින් පහර දුන් මුළු ස්ථාන සංඛ්‍යාව 504ක්.

ගලවා ගැනීමේ සේවකයින් සෝදිසි මෙහෙයුම් දිගටම සිදුකරන බවත්, සුන්බුන් ඉවත් කිරීම, තුවාල ලැබූවන් මාරු කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

Exit mobile version