Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අප්‍රේල් මස සිට TIN සහතිකය අත්‍යවශ්‍ය වන සේවාවන්

මිලියන 04කට තවමත් ‘TIN’නැහැ - දේශීය අදායම් දෙපාර්තමේන්තුව

මිලියන 04කට තවමත් ‘TIN’නැහැ - දේශීය අදායම් දෙපාර්තමේන්තුව

මේ වනවිට ගැසට් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීමෙන් අනතුරුව සේවාවන් රැසක් සඳහා TIN සහතිකයක් අත්‍යවශ්‍ය වනු ඇත.

ඒ අනුව යම් මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමතය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සහ බලපත්‍රය අලුත් කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකමක් ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, පැවරුම්ලාභියකු විසින් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පත් ලබාගැනීම යන කාර්යයන් සඳහා එය ඉදිරිපත් කළ යුතු වේ.

Exit mobile version