Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරානයේ දින 40ක ශෝක කාලයක්

ඉරානයෙන් දින 40ක ශෝක කාලයක්

ඉරානයෙන් දින 40ක ශෝක කාලයක්

ඉරාන ආධ්‍යාත්මික නායක ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමඟ ඉරානයේ දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි.

86 හැවිරිදි අයතුල්ලා අලි කමේනිගේ මරණය ඉරාන රාජ්‍ය රූපවාහිනිය සහ රාජ්‍ය පාලනය කරන IRNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇති නමුත් මරණයට හේතුවක් වාර්තා කළේ නැත.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රධාන ප්‍රහාරයකින් මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ඉරිදා අලුයම තහවුරු කළේය.

මේ අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අයතුල්ලා අලි කමේනිගේ මරණය නිවේදනය කරමින් කියා සිටියේ එය ඉරාන වැසියන්ට තම රට “ආපසු ලබා ගැනීමට” “ලොකුම අවස්ථාව” ලබා දුන් බවයි.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන මාධ්‍ය වාර්තාකර කර තිබුණි.

Exit mobile version