Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැදපෙරදිග ශ්‍රී ලංකන් ගුවන් ගමන් නවතයි

මැදපෙරදිග ශ්‍රී ලංකන් ගුවන් ගමන් නවතයි

මැදපෙරදිග ශ්‍රී ලංකන් ගුවන් ගමන් නවතයි

මැදපෙරදිග රටවල පිහිටි ගමනාන්ත සහ එම ගුවන් අවකාශ භාවිතා කරන ක්‍රියාත්මක වන ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සහ ෆිට්ස් ගුවන් සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ, මේ වන විට මැදපෙරදිග සහ ඒ අවට කලාපයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන්.

මේ වනවිට එහි ගුවන් කලාප වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ හේතුවෙන් මෙරටින් පිටත් වන සහ පැමිණෙන ගුවන් යානා වෙනුවෙන් සහ මගීන් වෙනුවෙන් පහසුකම් සැලසීමට විශේෂ වැඩපිළිවෙලක් සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වනවා.

Exit mobile version