Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බට­හිර ඉවුරේ ඊශ්‍රා­යල පදිං­චි­ක­රුවන් ඉස්ලාම් දේව­ස්ථා­න­ය­කට ගිනි තබති

බට­හිර ඉවුරේ ඊශ්‍රා­යල පදිං­චි­ක­රුවෝ ඉස්ලාම් දේව­ස්ථා­න­ය­කට ගිනි තබති

බට­හිර ඉවුරේ ඊශ්‍රා­යල පදිං­චි­ක­රුවෝ ඉස්ලාම් දේව­ස්ථා­න­ය­කට ගිනි තබති

ගාසා තීරයේ බට­හිර ඉවුරේ පදිංචි ඊශ්‍රා­යල ජාති­ක­යන් මුස්ලිම් දේව­ස්ථා­න­යක් ගිනි තබා විනාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

රම­ලාන් උප­වාස සමයේ පල­ස්තී­නු­වන් වැඩි වශ­යෙන් සිය දේව­මෙ­හෙය සඳහා සහ­භාගි වන එම දේව­ස්ථා­නය බට­හිර ඉවුරේ උතුරු ප්‍රදේ­ශයේ පිහිටා ඇති අතර, අලු­යම දේව මෙහෙය සඳහා මුස්ලිම් බැති­ම­තුන් පැමි­ණෙන විට දේව­ස්ථා­නය විනාශ වී තිබූ බවද වාර්තා වේ. දේව­ස්ථාන බිත්ති මත මුහ­ම්මද් නබි­තු­මාට අප­හාස වන ආකා­රයේ සහ පළි­ගන්නා බවට හීබෘ බසින් ප්‍රකාශ සට­හන් වී තිබූ බවද වාර්තා වේ.

බට­හිර ඉවුරේ පල­ස්තී­නු­වන් ඉලක්ක කර­මින් ඊශ්‍රා­යල පදිං­චි­ක­රු­වන් දිගින් දිග­ටම ප්‍රහාර එල්ල කරන බවත්, 2023 ඔක්තෝ­බ­රයේ ඊශ්‍රා­යල- හමාස් යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා බට­හිර ඉවුරේ සිදුවූ ප්‍රහා­ර­ව­ලින් පල­ස්තී­නු­වන් දහ­ස­කට වැඩි පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තා­ව­කින් අනා­ව­ර­ණය වූ බවත් අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කළේය.

Exit mobile version