Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘කේරළම්’ බවට පත්වන ඉන්දියාවේ කේරළය

'කේරළම්' වෙන කේරළය

'කේරළම්' වෙන කේරළය

ඉන්දීය මධ්‍යම රජය විසින් කේරළ ප්‍රාන්තයේ නම ‘කේරළම්’ (Keralam) ලෙස නිල වශයෙන් වෙනස් කිරීමට ඊයේ දින (24) අනුමැතිය ලබා දී තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ 2024 වසරේ ජුනි 24 වෙනිදා කේරළ ප්‍රාන්ත සභාව විසින් ඒකමතිකව සම්මත කරන ලද යෝජනාවකට අනුව බව විදෙස් මාධ්‍ය පවසයි.

එළඹෙන අප්‍රේල්-මැයි මාසවල පැවැත්වීමට නියමිත කේරළ ප්‍රාන්ත සභා මැතිවරණයට පැවැත්වීමට නියමිතය.

ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය යටතේ ඉන්දීය ජනාධිපති විසින් “කේරළ (නම වෙනස් කිරීමේ) පනත් කෙටුම්පත – 2026” කේරළ ප්‍රාන්ත සභාව වෙත යොමු කරනු ඇත.

එහිදී ප්‍රාන්ත සභාවේ අදහස් විමසීමෙන් අනතුරුව, ජනාධිපති නිර්දේශය මත මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කේරළ මහ ඇමති පිනරායි විජයම් මහතා ප්‍රකාශ කළේ, මලයාලම් භාෂාවෙන් මෙම ප්‍රාන්තය හඳුන්වනු ලබන්නේ ‘කේරළම්’ යන නමින් බවයි. නිදහස් සටන් සමයේ සිටම මලයාලම් භාෂාව කතා කරන ජනතාව සඳහා ‘කේරළම්’ නමින් එක්සත් ප්‍රාන්තයක් පිහිටුවීමේ ඉල්ලීම පැවති බව ඔහු පවසා ඇත.

මෙම සංශෝධනය හරහා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි උපලේඛනයට ඇතුළත්ව ඇති සියලුම භාෂාවලින් මින් ඉදිරියට ප්‍රාන්තයේ නම ‘කේරළම්’ ලෙස වෙනස් කිරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version