Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බාල ගල්අඟුරු පාඩුව වසර 40ක මන්ත්‍රී විශ්‍රාම වැටුප්වලට සමානයි – පුබුදු ජයගොඩ

බාල ගල්අඟුරු පාඩුව වසර 40ක මන්ත්‍රී විශ්‍රාම වැටුප්වලට සමානයි – පුබුදු ජයගොඩ

බාල ගල්අඟුරු පාඩුව වසර 40ක මන්ත්‍රී විශ්‍රාම වැටුප්වලට සමානයි – පුබුදු ජයගොඩ

බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමෙන් සිදුව ඇති පාඩුව වසර 40ක් පුරා මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගෙවීමට වැයවන මුදලට සමාන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඉකුත් ඉරිදා (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ මෙම ගල්අඟුරුවල ප්‍රමිතිය දැනගැනීම වැළැක්වීම සඳහා රසායනාගාර වාර්තා පවා නැවැත්වීමට ආණ්ඩුව උත්සාහ දැරූ බවයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ඉන්දීය සමාගමක් හරහා ආනයනය කළ ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බවට අනාවරණ වීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් උද්ගතව තිබෙනවා.

එවැනි පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගියදා ලිපියක් යොමු කර තිබුණා.

දැනට ආනයනය කරන ලද ගල්අඟුරු නැව් 8හි ගල්අඟුරු මගින් විදුලිය ජනනය කිරීමේදී ඇස්තමේන්තු කරන ලද සෘජු අලාභය එමගින් වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ.

Exit mobile version