Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ට්‍රම්ප් සංවිධානයෙන් ඕස්ට්‍රේලියාවට උසම කුළුණක්

ට්‍රම්ප් සංවිධානයෙන් ඕස්ට්‍රේලියාවට උසම කුළුණක්

ට්‍රම්ප් සංවිධානයෙන් ඕස්ට්‍රේලියාවට උසම කුළුණක්

ඕස්ට්‍රේලියාවේ කුළුණක් ඉදිකිරීමට අම‍ෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකාරිත්වය දරණ ට්‍ර්ම්ප් සංවිධානය ගිවිසුම් අත්සන් කර තිබේ.
එම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.5ක්.

මහල් 91කින් යුත් එම කුළුණ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජනප්‍රිය මුහුදු වෙරළතීරයක් වන ගෝල්ඩ් කෝස්ට්හීදී ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

එයට තරු හයක නිවාඩු නිකේතනයක්, මහල් නිවාස 270ක්, කඩ සාප්පු, සමාජ ශාලාවක් සහ පිහිනුම් තටාකයක් ඇතුළත් වන බව සඳහන්.

මෙම කුළුණ ඉදි කළ පසු ඕස්ටේලියාවේ උසම කුළුණ එය වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Exit mobile version