මන්නාරමට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ධීවර කටයුතු සඳහා යාත්‍රාවද සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේය.
යාත්‍රාව සහ ධීවරයින් මන්නාරමට රැගෙනවිත් ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර කාර්යාලයට භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාව සඳහන් කලේය.

