Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළාත් සභා ඡන්ද ක්‍රමය සෙවීමට කමිටුවක්

පළාත් සභා ඡන්ද ක්‍රමය සෙවීමට කමිටුවක්

පළාත් සභා ඡන්ද ක්‍රමය සෙවීමට කමිටුවක්

මෙරට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් පත් කළ බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා නිවේදනය කලේය.

ඊයේ (20) පැවති පාර්ලිමේන්තුවේදි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කලේය.

මෙම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පත් කර ඇති අතර, විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 11 දෙනෙකු එහි සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන බව කතානායකවරයා දැනුම්දෙනු ලැබුවා.

ඒ අනුව මුනීර් මුලාෆර් මහතා, නීතිඥ සුනිල් වටගල මහතා, අරූන් හේමචන්ද්‍ර මහතා, ආර්.එම්. මද්දුම බණ්ඩාර මහතා, මනෝ ගනේශන් මහතා, ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා, ශානක්‍යයන් රාජපුත්තරන් රාසමානික්කම් මහතා, සමන්මලී ගුණසිංහ මහත්මිය, ධර්මප්‍රිය විජේසිංහ මහතා, චන්දන සූරියආරච්චි මහතා, ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා කථානායකවරයා විසින් නම් කරන ලද සෙසු සාමාජිකයන් වේ.

වසර ගණනාවක සිට කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින නීතිමය බාධා ඉවත් කිරීම සහ වඩාත් උචිත මැතිවරණ ක්‍රමය (කොට්ඨාස ක්‍රමය, සමානුපාත ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමය) පිළිබඳව වාර්තා කිරීම මෙම කාරක සභාවේ ප්‍රධාන වගකීම වේ.

Exit mobile version