Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජොන්ස්ටන් සහ පුත්‍රයින් දෙදෙනා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ජොන්ස්ටන් සහ පුත්‍රයින් දෙදෙනාට දුන් නියෝගය

ජොන්ස්ටන් සහ පුත්‍රයින් දෙදෙනාට දුන් නියෝගය

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) නියෝග කර තිබෙනවා.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ එක් සැකකරුවෙකු මාර්තු 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම අනෙක් සැකකරු ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

Exit mobile version