ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉකුත් සඳුදා (16) අවසන් වූ තරගයේදී වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඔහු 6වන ස්ථානයේ සිට 3වන ස්ථානයට උසස් වී ඇත.
කෙසේ නමුත්, පැතුම් නිස්සංක හැරෙන්න පළමු දස දෙනා අතර වෙනත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු නොමැති බවද සඳහන් වේ.

