Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘SriLankan Cargo’ දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට

‘SriLankan Cargo’ දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට

‘SriLankan Cargo’ දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට

ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) මගින් පිරිනමනු ලබන සතුන් ප්‍රවාහනය පිළිබඳ ‘Center of Excellence for Independent Validators (CEIV) Live Animals’ සහතිකය හිමිකරගත් දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් සේවය බවට පත්වෙමින් කලාපීය වශයෙන් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරගෙන ඇත.

සතුන් ගුවන් මගින් ප්‍රවාහනය කිරීමේ ඉහළම ගෝලීය ප්‍රමිතිය ලෙස සැලකෙන මෙම සහතිකය, සුරතල් සතුන් ඇති කරන්නන්, පශු සම්පත් හිමිකරුවන්, වනජීවී සංරක්ෂකයින් සහ සියලුම භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් වෙත ශ්‍රීලංකන් කාගෝ ආයතනය ලබාදෙන ප්‍රබල සහතිකයකි. එමගින් සතුන් වඩාත් මානුෂීය, ආරක්ෂිත සහ ආතතියෙන් තොර සුවපහසු තත්ත්වයන් යටතේ ලොව පුරා ප්‍රවාහනය කරන බව සහතික කෙරේ.

Exit mobile version