Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රා­ය­ලය වසර 59කට පසු බට­හිර ඉවුරේ ඉඩම් ලියා­ප­දිං­චිය යළි අරඹයි

ඊශ්‍රා­ය­ලය වසර 59කට පසු බට­හිර ඉවුරේ ඉඩම් ලියා­ප­දිං­චිය යළි ආරම්භ කරයි

ඊශ්‍රා­ය­ලය වසර 59කට පසු බට­හිර ඉවුරේ ඉඩම් ලියා­ප­දිං­චිය යළි ආරම්භ කරයි

ගාසා තීරයේ බට­හිර ඉවුරේ අත්පත් කර­ගත් ඉඩම් ලියා­ප­දිංචි කිරීමේ ක්‍රියා­ව­ලිය වසර 59කට පසු යළි ආරම්භ කිරී­මට ඊශ්‍රා­යල රජය තීර­ණය කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

මේ ක්‍රියා­ව­ලිය ජාත්‍ය­න්තර නීතිය උල්ලං­ඝනය කර­මින් පල­ස්තී­නු­වන් නෙරපා හැරී­මට සහ අව­තැන් කිරී­මට ගන්නා උත්සා­හ­යක් බවට ඊශ්‍රා­ය­ල­යේම මානව හිමි­කම් සංවි­ධාන චෝදනා කර ඇතැයිද වාර්තා වේ. ඉඩ­ම්වල හිමි­කා­රී­ත්වය නිර­වුල් කිරී­මක් ලෙස හඳු­න්ව­මින් ඊශ්‍රා­යල මුදල් ඇමැති බෙසෙ­ලල් ස්මොට්රිච්, අධි­ක­රණ ඇමැති යාරිව් ලෙවින් සහ ආර­ක්ෂක ඇමැති ඉස්රා­යිල් කැට්ස් එම යෝජ­නාව ඉදි­රි­පත් කර ඇති අතර, ඊට ඊශ්‍රා­යල රජයේ පූර්ණ අනු­මැ­තිය ලැබී ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

වසර 1967දී එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මැදි­හ­ත්වී­මෙන් පල­ස්තී­නය සමඟ ඇති­ක­ර­ගත් ගිවි­සු­මට අනුව බට­හිර ඉවුරේ ඉඩම් ලියා­ප­දිං­චිය අත්හි­ටුවූ ඊශ්‍රා­ය­ලය නැවත සිය ජනා­වාස පුළුල් කිරී­මට තීර­ණය කිරීම පල­ස්තී­නු­වන්ගේ ඉඩම් අත්කර ගැනීමේ ක්‍රියා­ව­ලි­යට නීති­මය අයි­ති­වා­සි­කම් ලබා­ගැ­නී­මක් බව ඊශ්‍රා­යල මානව හිමි­කම් සංවි­ධා­න­යක් වන බිම්කොම් සංවි­ධා­නය නිවේ­ද­නය කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කළේය.

Exit mobile version