හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම ලක්ෂ 24-25ත් දක්වා පැවති අතර එය මේ වන විට ලක්ෂ 32දක්වා ඉහළ නංවා ඇති බව කළමණාකරු නලින් වීරසූරිය මහතා පවසනවා.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය විසින් මේ මස 09 දින සිට ඊයේ (15) දින දක්වා ආදායම් සතියක් ප්‍රකාශයට පත් කළා.
හැටන් ලංගම ඩිපෝව මගින් දිනකට බස් රථ 81ක් දුර සහ කෙටි දුර ධාවනයට එක් කර තිබෙනවා. ඉන් දිනකට බස් රථ 23ක් කොළඹ දක්වාත්, මහනුවර දක්වා බස් රථ 24ක් ධාවනයට එක් කර ඇති බවත්, සෙසු බස් රථ කෙටි දුර ධාවනයට යොදා ඇති බව කළමණාකාරවරයා සඳහන් කළා.
දුර ගමන් සේවා බස් රථ වලින් වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවත්, 2025-2026 වසරේ ශ්‍රී පාද වන්දනාවාරයද ආරම්භ කළා.
ආදායම් සතියට සමගාමීව ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට හැටන් ලංගම ඩිපෝවේ රියදුරන් කොන්දොස්තරවරුන් සහ අනෙකුත් සේවකයින් දැඩි කැපවීමකින් කටයුතු කිරීම නිසා ආදායම් තත්ත්වය ඉහළ දැමීමට හැකි වූ බවද නිලධාරීන් වැඩි දුරටත් පැවසීය

