Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීතිඥ සංගමය රාජකාරීවලින් ඉවත් වීමට තීරණයක්

නීතිඥ සංගමය රාජකාරීවලින් ඉවත් වීමට තීරණයක්

නීතිඥ සංගමය රාජකාරීවලින් ඉවත් වීමට තීරණයක්

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් අද (16) දිවයින පුරා රාජකාරීවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබෙනවා.

ඊයේ(15) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී මෙම තීරණය ඒකමතිකව ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ නුවන් බෝපගේ, ගුණරත්න වන්නිනායක, උපුල් ජයසූරිය සහ කුවේර ද සොයිසා ඇතුළු නීතිඥවරුන් අවධාරණය කර ඇත්තේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හරහා අදාළ නීතිඥ ඝාතනයට පමණක් නොව, සමස්ත ඝාතන සංස්කෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමට යෝජනා කර ඇති බවයි.

එමෙන්ම මෙම සිදුවීම වාර්තා කිරීමේදී නීතිඥවරයාගේ වෘත්තීය ගරුත්වයට හානි නොවන පරිදි වඩාත් වගකීම් සහගතව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙහිදී ජනමාධ්‍යවලින් විශේෂ ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.

මේ වසර 14කට පසු නීතිඥයින් 3,500කගේ සහභාගීත්වයෙන් කොළඹදී පවත්වා ඇති මෙම රැස්වීමේදී ප්‍රධාන තීරණ කිහිපයක් රැගෙන තිබෙනවා.

එනම් අද (16) දිනයේ දිවයිනේ සියලුම අධිකරණ කටයුතුවලින් බැහැරව සිටීම, රටේ පවතින ඝාතන සංස්කෘතිය වහා නතර කර මහජන ආරක්ෂාව තහවුරු කිරීමට බල කිරීම, අදාළ කූර අපරාධයට සම්බන්ධ සියලුම පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බල කිරීම සහ සත්‍යතාව තහවුරු නොකළ තොරතුරු සමාජගත කිරීම සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීමයි.

මෙම අවාසනාවන්ත ඝාතනය සම්බන්ධයෙන් නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරන අතර, යුක්තිය ඉටු වන තෙක් අවධානයෙන් පසුවන බවද නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් පළ කර තිබෙනවා.

Exit mobile version