2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු.3000.00ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර ඇත.
ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය හෙට (15) දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණද එහි වලංගු කාලය පෙබරවාරි 28වන දින දක්වා දීර්ඝ කර තිබේ.

