Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තැපැල් සේවාවට රු.මි 590 කට අධික වටිනාකමකින් යුත් නව රථවාහන

තැපැල් සේවාවට රු.මි 590 කට අධික වටිනාකමකින් යුත් නව රථවාහන

තැපැල් සේවාවට රු.මි 590 කට අධික වටිනාකමකින් යුත් නව රථවාහන

මෙරට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10ක් සහ කෘෘ කැබ් 20ක් මෙරට තැපැල් ප්‍රවාහන ජාලයට ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12) පස්වරුවේ තැපැල් මූලස්ථානයේ දී සිදු වී තිබෙනවා.

එමෙන්ම නියමු ව්‍යාපෘතියකට අනුව තැපැල්කරු මහතූන්ගේ යතුරු පැදි සඳහා තැපැල් බහාලුම් පෙට්ටි (Bicycle Carriers) බෙදාදීම, මෙහෙයුම් පාලන ප්‍රතිචාර ඒකකය විවෘතකිරීම, තැපැල් කාර්යාල වල කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණින් ඩෙස්ක්ටොප් පරිඝණක, ලැප්ටොප් මෙන්ම ටැබ් යන්ත්‍ර බෙදාදීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ බවයි සඳහන් වන්නේ.

මෙම ව්‍යාපෘතියට සමගාමීව තැපැල් මූලස්ථානය, මධ්‍යම තැපැල් හුවමාරුව සහ මඩකලපුව තැපැල් කාර්යාලයේ සූර්ය පැනල සවි කිරීමද සිදු වන අතර සමස්ථ ව්‍යාපෘතිය සඳහා වෙන්කර කර ඇති මුදල රුපියල් මිලියන 849ක්.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය වසරේ ශ්‍රී ලංකා තැපෑල රුපියල් මිලියන 13450 ආදායමක් උත්පාදන කළ බව ප්‍රකාශ කර තිබෙනවා.

තැපැල් සේවාවට අවශය කාර්ය මණ්ඩලය බදවා ගැනීමට පියවර ගනිමින් සිටින බවද පැවසූ අමාත්‍යවරයා තැපැල් දෙපාර්තුමේන්තුවට නව බදවා ගැනීම් සහ ස්ථිර කිරීම් නිසා 2800ක කාර්‌ය මණ්ඩලයක් ස්ථාවර වන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

Exit mobile version