Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාම්බෝජය මුල්‍ය වංචා මධ්‍යස්ථාන 200ක් වසා දමයි

කාම්බෝජය මුල්‍ය වංචා මධ්‍යස්ථාන 200ක් වසා දමයි

කාම්බෝජය මුල්‍ය වංචා මධ්‍යස්ථාන 200ක් වසා දමයි

ජාත්‍යන්තර මුල්‍ය වංචා මධ්‍යස්ථාන 200ක් වසා දැමූ බව කාම්බෝජය පවසනවා.

ලොව පුරා සිටින පුද්ගලයින් ඉලක්ක කරගනිමින් මුදල් වංචා සිදු කිරීම කරගෙන යන මධ්‍යස්ථාන 200ක් වැටලු බවයි කාම්බෝජය පවසන්නේ.

කාම්බෝජයේ අන්තර්ජාල වංචා මැඩපැවැත්වීමේ කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානී චායි සිනාරිත් රොයිටර් පුවත් සේවයට මේ බව පවසා තිබෙනවා.

මෙම මධ්‍යස්ථානවලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ අපරාධකරුවන් 173 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒවායේ සේවකයින් 11,000ක් පිටුවහල් කර ඇති බවද වැඩිදුරටත් සඳහන්.

පොලිස් නිලධාරීන් 1,000කට වැඩි පිරිසක් හා හමුදා නිලධාරීන් 300 ක් මෙම මෙහෙයුම් වලට එක්වුණා.

Exit mobile version