Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමන් ඒකනායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) නියෝග කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ සමන් ඒකනායක මහතා පසුගියදා අත්අඩංගුවට පත්වූ අතර, එහිදී ඔහු ඊයේ දින (11) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබුණා.

ඒ අනුව ඊට අදාළ නඩුව ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දි තිබේ.

Exit mobile version