Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව තැපැල් ගාස්තු ඊයේ සිට ක්‍රියාත්මකයි

නව තැපැල් ගාස්තු ක්‍රියාත්මකයි

නව තැපැල් ගාස්තු ක්‍රියාත්මකයි

දේශීය තැපැල් ගාස්තු සංශෝධනය ඊයේ දින(09) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව රුපියල් 50ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20 සිට ග්‍රෑම් 30 දක්වා සංශෝධනය කර තිබේ.

ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමේ ගාස්තුව, බෙදීම් කලාපය තුළ හා පරිබාහිර බෙදීම් කලාපය ලෙස කොටස් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර, ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වා ඉහළ නංවා තිබේ.

Exit mobile version