Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

42වන විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ධුරයේ වැඩ අරඹයි

42වන විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ධුරයේ වැඩ අරඹයි

42වන විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ධුරයේ වැඩ අරඹයි

මෙරට 42 වන විගණකාධිපති ලෙස එල්.එස්.අයි. ජයරත්න මහත්මිය සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (05) පෙරවරුවේ භාර දෙනු ලැබුවා.

සමුදිකා ජයරත්න මහත්මිය මෙරට විගණකාධිපති ධුරයට පත් වූ පළමු කාන්තාව වීමද විශේෂත්වයකි.

ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය විගණකාධිපතිවරිය වශයෙන් කටයුතු කළ එල්. එස්. අයි. ජයරත්න මහත්මිය මෙම තනතුරට පත් කිරීමට පසුගිය පෙබරවාරි 03 වනදා රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය හිමි වුණා.

විගණකාධිපති ධුරයට පත් වූ ජයරත්න මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MBA) ලබා ඇති අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවකි.

Exit mobile version