Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළිකුණාටුවෙන් පසු ඇති වූ ආපදා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ට්

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන තිබුණා.

අදාළ ගැසට් නිවේදනයට අනුව විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ක්ෂේත්‍ර පහත පරිදි වේ.

බලශක්තිය සහ ප්‍රවාහනය

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලුම සේවාවන්.

ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සහ සියලුම ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම.

පොදු මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහන සේවා.

මංමාවත්, පාලම්, ගුවන්තොටුපළවල්, වරාය සහ දුම්රිය මාර්ග නඩත්තුව හා පහසුකම් සැලසීම.

සෞඛ්‍ය සහ මහජන සුබසාධනය

රෝහල්, සාත්තු නිවාස සහ බෙහෙත් ශාලාවල රෝගී සත්කාරක සේවා (පෝෂණය, ප්‍රතිකාර සහ රැකවරණය ඇතුළුව).

ගිලන්රථ සේවාවන්.

ජල සැපයුම, ජලාපවහනය සහ වාරිමාර්ග සම්බන්ධ සියලු සේවාවන්.

කසළ කළමනාකරණය, කුණු ඉවත් කිරීම සහ ගිනි නිවීමේ සේවාවන්.

රාජ්‍ය පාලනය සහ මූල්‍ය සේවා

ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී ඇතුළු ක්ෂේත්‍ර මට්ටමේ සියලුම නිලධාරීන්ගේ සේවාවන්.

ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම හා ආරක්ෂා කිරීම.

සන්නිවේදන සහ අනෙකුත් සේවා

දුරකථන, විදුලි සංදේශ සහ මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවාවන්.

පහත් බිම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීමේ කටයුතු.

කෘෂිකාර්මික සහ කෘෂි රක්ෂණ සේවා.

Exit mobile version