Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටුනායක ගුවන් තොටුපළට E-Gate පහසුකම්

කටුනායක ගුවන් තොටුපළට E-Gate පහසුකම්

කටුනායක ගුවන් තොටුපළට E-Gate පහසුකම්

කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු පෙබරවාරි 18 දින සිට නිල වශයෙන් විවෘත කෙරෙයි.
වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ, පළමු අදියරේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු 4ක් විවෘත කළ බවයි.

ජපන් රජයේ ආධාර මත එම ඉලෙක්ට්‍රොනික ගේට්ටු සවි කෙරිණ.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම ඉලෙක්ට්‍රොනික ගේට්ටු ක්‍රියාත්මක වීමත් සමග ආගමන විගමන කටයුතු කාර්යක්ෂම කළ හැකි බවයි.

විනාඩියක් වැනි කාලයක් තුළ මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය අනුමැතිය ඒ හරහා ලබා ගත හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ, මේ තුළින් තවත් ඉලෙක්ට්‍රොනික ගේට්ටු 4ක් ඉදිරියේදි සවි කිරීමට නියමිත බවයි.

Exit mobile version