කාර්මික අධ්‍යාපන හා පුහුණුකිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර මේ වන විට පුරප්පාඩුව පවතිනවා.
එම තනතුරේ පූර්ණකාලීන පදනම මත වැඩබැලීම පිණිස දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනියක වන දිල්කි වත්සලා මාරඹගේ මහත්මිය පත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

