Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ ‘නිපා’ වෛරසය පැතිරේ

ඉන්දියාවේ ‘නිපා’ වෛරසය පැතිරේ

ඉන්දියාවේ ‘නිපා’ වෛරසය පැතිරේ

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ‘නිපා’ (Nipah) වෛරසය ආසාදනය වූ රෝගීන් පස් දෙනෙකු හමුවීමත් සමඟ තායිලන්තය, නේපාලය සහ තායිවානය ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සිය ගුවන්තොටුපොළවල සෞඛ්‍ය පරීක්ෂණ දැඩි කර තිබේ.

කොවිඩ් වසංගත සමයේ පැවති පරීක්ෂණ ක්‍රමවේදයන් යළිත් ක්‍රියාත්මක කරමින්, උණ සහ අනෙකුත් රෝග ලක්ෂණ පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති අතර සැකකටයුතු මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

බටහිර බෙංගාලයේ රෝහලක් තුළ වෛද්‍යවරුන් සහ හෙදියන් පිරිසකටද වෛරසය ආසාදනය වී ඇති අතර මේ වන විට පුද්ගලයින් 100කට අධික පිරිසක් එරට නිරෝධායනයට ලක් කර තිබේ.

තායිලන්තයේ ප්‍රධාන ගුවන්තොටුපොළවල බටහිර බෙංගාලයේ සිට පැමිණෙන මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කරන අතර සංචාරකයින් සඳහා ‘සෞඛ්‍ය අවදානම් පත්’ (Health Beware Cards) නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

නේපාල රජයද ඉන්දියාව සමඟ පවතින දේශසීමා සහ කත්මණ්ඩු ගුවන්තොටුපොළේ සෞඛ්‍ය පරීක්ෂණ දැඩි කර ඇති අතර තායිවානය මෙම වෛරසය ඉතා භයානක ගණයට ඇතුළත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිපා වෛරසය මාරාන්තික වසංගතයක් වීමේ හැකියාව පවතින රෝගයක් ලෙස නම් කර ඇති අතර, මෙහි මරණ අනුපාතය සියයට 40 සිට 75 දක්වා ඉතා ඉහළ අගයක් ගන්නා බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Exit mobile version