සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු අද (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ඊයේ (25)පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.
ඔහු පැවසුවේ හෙට උදෑසන 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තිය සමිති ක්‍රියාමාර්ග 05කට එළඹෙන බවයි.
එම ක්‍රියාමාර්ග ලෙස වෛද්‍ය ප්‍රභාත් මහතා පෙන්වා දුන්නේ පද්ධතිය තුල සායන තුල හා බාහිර රෝගි ඒකක තුල යම් කිසි ඖෂධයක් නොමැතිනම් එම ඹෟෂධ පිටතින් රැගෙන ඒමට තුන්ඩු නිකුත් නොකිරිම,රෝහල් පද්ධතිව තුල නොමැති රසායනාගාර පරික්ෂණ පිටත රසායනාගාරවලින් හෝ පිටත පුද්ගලික රෝහල් වලින් සිදු කරගන්නා ලෙස නිර්දේශ නොකිරිම,දැනට අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව සැපයිය නොහැකිනම් අනුමත වෛද්‍යවරු සංඛ්‍යාවක් අනුමත කර ගෙන නොමැතිනම් රෝහල් පද්ධති තුග නව ඒකක ආරම්භ කිරිම අවස්ථාව ලබා නොදිම, දේශපාලනික වුවමනා වෙන් ආරම්භ කර තිබෙන සෞඛ්‍ය වෛද්‍ය කඳවුරු සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් යොමු නොකිරිමට තිරණය කිරිම මෙන්ම , යම් රෝහලක යම් සායනයක රෝගියා පරික්ෂා කිරිමේදි වෛද්‍ය නිලධාරියාගේ සහයට සහයක නිලධාරියෙකු නොමැතිනම් එම ස්ථානයෙන් වෛද්‍යවරු ඉවත් විම
මෙම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය වැඩ නොකර සිටිම නොවන බවත් වැඩ කල හැකි වටා පිටාවක පමණක් සේවය සැපයිම සිදු කරන බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවා.
මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ වගකිම භාර ගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය ඇමතිවරයා හා රජය අද (26) සිට සුදානම් විය යුතු බව ඔහු අවධාරණය කලේය.

