කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඊයේ (25) ගම්පහ මහෙස්ත්‍රාත්වරයා හමුවට මෙම නිලධාරින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙකි.

