78 වන ජාතික නිදහස් උළෙලේ නිල ලාංඡනය එළි දක්වා තිබෙනවා.
මෙවර නිදහස් උළෙල “ගොඩ නගමු ශ්‍රී ලංකා” යන සුවිශේෂී තේමාව යටතේ පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උළෙල එළඹෙන පෙබරවාරි 4 වනදා පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
උත්සවයට සමගාමීව දිවයින පුරා ආගමික වතාවත් සහ විවිධ සංස්කෘතික වැඩසටහන් සංවිධානය කිරීමටද සැලසුම් කර තිබේ.

