Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇත.

පාර්ලිමේන්තුවේදී සෙනසුරාදා දින(23) පස්වරුවේ රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව මෙම තීන්දුව ගෙන ඇත.

කතානායක, සභානායක, විපක්ෂනායක, මුදල් අමාත්‍ය හෝ ඔහුගේ නියෝජිත සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මෙම උපදේශක සභාවේ නිල නියෝජිතයෝ වේ.

ඊයේ පැවති රැස්වීමට කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂනායක වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, මුදල් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සහභාගි වී ඇත.

චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් චමින්ද කුමාර කුලරත්න කැඳවා ඔහුගෙන් නිදහසට කරුණු විමසා නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ඇතැම් නියෝජිතයන් කාරක සභාවේදී අදහස් දක්වා ඇතැයි වාර්තාවේ.

නියෝජ්‍ය මහලේකම් චමින්ද කුමාර කුලරත්න ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ “මූලික පරීක්ෂණය” ව්‍යවස්ථාපිත නීතිය සහ ස්ථාපිත පරිපාලන රීතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට චමින්ද කුලරත්න මහතා දැනටමත් තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

Exit mobile version