Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙරටට

ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙරටට

ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙරටට

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වී බදුල්ල දිස්ත්‍රිකයේ “සුරක්ෂා” කදවුරුවල රැදී සිටින ජනතාව වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ (23) මෙරටට පැමිණ තිබේ.

සංචාරක කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ආරාධනාවක් පරිදි මෙම පිරිස පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම වෛද්‍යවරුන් සහභාගී වන වෛද්‍ය සායනය අද (24) සහ හෙට (25) දිනයන් හි පැවැත්වීමට නියමිත අතර මේ සදහා මෙරට වෛද්‍යවරුන් ඇතුළු 25දෙනෙකුගෙන් යුතු පිරිසක්ද සහභාගී වීමට නියමිතය.

මෙම විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම ඊයේ (23) සවස 04.15ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Exit mobile version