වත්මන් නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ නීතිඥයින් පිරිසක් හමුවී කතාබහ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සංසරණය වේ.
ඒ, නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී ඊයේ (21) පෙරවරුවේ පැවති විරෝධතාවයෙන් පසුවයි.
එහිදී ඔහු නීතිඥවරු වෙත පවසන්නේ, තමා නීතිය අභිබවා ගිය පුද්ගලයෙක් නොවන වග නීතිය දන්නා පුද්ගලයින් ලෙස නීතිඥවරුන් දන්නා බවත්, තමා වැරැද්දක් කර ඇත්නම් අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තමාගේ තීරණ අභියෝගයට ලක් කරන ලෙසයි.
එහිදී පාරින්ද රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ,
“මම වරදක් කරනවා නම්, ශ්‍රේෂ්ඨාධිකරණය තියෙනවා, අභියාචනාධිකරණය තියෙනවා. කරුණාකරලා ඒ තැන්වලට ගිහින් අභියෝග කරන්න. අධිකරණ හරහා එන තීරණයකට එකඟවෙන්න මම සූදානම්”

