Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 7ක සිර දඬුවම්

හත් හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කළ පස් දරු පියෙකුට වසර 17ක සිරදඬුවම්

හත් හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කළ පස් දරු පියෙකුට වසර 17ක සිරදඬුවම්

පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීම හා කෲර ලෙස වද හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 7ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මොනරාගල මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

අදාළ පොලිස් පරීක්ෂකවරයා 2020 වර්ෂයේ හම්බේගමුව පොලිස් ස්ථානයේ සේවය කරන අතරවාරයේ මෙසේ පුද්ගලයාට පහර දී තුවල සිදු කර තිබුණා.

මෙලෙස සිර දඬුවම් නියම වූයේ මේ වන විට සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් පරීක්ෂකවරයෙකුට වනවා.

අදාළ පුද්ගලයාට වසර 7ක සිර දඬුවමට අමතරව රු. 10,000/-ක දඩයක් නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් මාස 06ක ලිහිල් වැඩ සහිත සිර දඬුවම්ද නියම කර තිබෙනවා.

Exit mobile version