Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා මමයි – ඩොනල්ඩ් ට්‍රම්ප්

අමතර තීරුබදු පනවමින් ජනපති ට්‍රම්ප් විධායක නියෝගයක්

අමතර තීරුබදු පනවමින් ජනපති ට්‍රම්ප් විධායක නියෝගයක්

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා තමන් බවට අමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අමෙරිකානු යුද හමුදාව විසින් අල්ලා ගැනීමත් සමඟ ඇතිව තිබෙන දැඩි ජාත්‍යන්තර මතභේද මධ්‍යයේ ජනපති ට්‍රම්ප් මෙය ප්‍රකාශ කර ඇත.

විකිපීඩියා පිටුවේ පල කර ඇති ආකාරයට AI තාක්ෂණය ඔස්සේ සකසන ඡායාරූපයක් ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ පලකරමින් ඔහු මේ බව පවසා තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව වෙනිසියුලානු වේලාවෙන් පසුගිය 03 වනදා අලුයම 1.50ට පමණ එරට අගනුවරට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ,

මෙම ප්‍රහාර මාලාවේ ඉලක්කය වී තිබුණේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයක්.

එහිදී අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අත්අඩංගුවට ගෙන අමෙරිකාවට ගෙන ගොස් ඇත.

Exit mobile version