Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාමසාන් සමයේ මුස්ලිම් රාජ්‍ය සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්

රාමසාන් සමයේ මුස්ලිම් රාජ්‍ය සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්

රාමසාන් සමයේ මුස්ලිම් රාජ්‍ය සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්

එළඹෙන රාමසාන් සමය වෙනුවෙන් මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට තම ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි විශේෂ වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් අදාළ අමාත්‍යංශය මේ බව දන්වා ඇත.

වැඩමුර සකස් කිරීම සහ නිවාඩු
මෙවර රාමසාන් සමය පෙබරවාරි 19වන දින සිට මාර්තු 21වන දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙම කාල සීමාව තුළ:

මුස්ලිම් නිලධාරීන්ට ආගමික වතාවත් සඳහා පහසු වන පරිදි වැඩමුර ක්‍රමවේදයක් සකස් කර දිය යුතුය.
නොවැළැක්විය හැකි අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කිරීමට පියවර ගත යුතුය.

උත්සව අත්තිකාරම්
රාමසාන් උත්සවය සැමරීම සඳහා සුදුසුකම් ලත් මුස්ලිම් රාජ්‍ය නිලධාරීන් වෙත උත්සව අත්තිකාරම් ලබාදීමට ද රජය තීරණය කර ඇත. ඒ අනුව රාමසාන් උත්සවය අවසන් වීමට දින 14කට පෙර එම අත්තිකාරම් මුදල් ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ චක්‍රලේඛය මගින් වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

Exit mobile version