Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් 10ක්

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් 10ක්

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් 10ක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෝදිසි කිරීම් හ මුදාගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා අතිනවීන හෙලිකොප්ටර් යානා 10ක් නොමිලේ ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සිය ‘X’ (ට්විටර්) ගිණුම හරහා නිවේදනය කළේ, එක්සත් ජනපද නාවික හමුදාවට අයත් TH-57 (Bell 206 SEA RANGER) වර්ගයේ හෙලිකොප්ටර් යානා 10ක් මෙලෙස ශ්‍රී ලංකාවට පිරිනමන බවයි.

මෙම හෙලිකොප්ටර් යානාවල උපකරණ සඳහා කිසිදු පිරිවැයක් අය නොකෙරෙන අතර, ඒවා ‘අතිරික්ත ආරක්ෂක ද්‍රව්‍ය වැඩසටහන’ (Excess Defence Articles Program) යටතේ ශ්‍රී ලංකාවට පිරිනමනු ලැබේ.

මෙම හෙලිකොප්ටර් යානා වසරේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

Exit mobile version