Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ රෝහල්වල රෝගියාට ප්‍රියමනාප පිඟානක් (Customise Plate)

රජයේ රෝහල්වල රෝගියාට ප්‍රියමනාප පිඟානක් (Customise Plate)

රජයේ රෝහල්වල රෝගියාට ප්‍රියමනාප පිඟානක් (Customise Plate)

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘතිය අද දින (06) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ දී ආරම්භ කිරීමට නියමිතයි.

තනි පිඟානකට හොදි, එළවළු. මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට‍: බත්, එළවළු,මැල්ලුම්, මස්, මාළු, බිත්තර, යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක (Customise Plate) අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය වනවා.

එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක්, ප්‍රියතාවක් ඇති වන බව විෂයට අඳාළ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

මේවන විට මහරගම අපේක්ෂා රෝහල තුළ එකවර 2000 කට ආහාර පාන සැකසීම සදහා අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් සපිරි මුළුතැන්ගෙයක් රෝහලේ සකස් කර ඇති අතර එම මුළුතැන්ගෙයද හෙට දිනයේ දී විවෘත කිරිමට නියමිතයි.

රෝහලේ මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට ආහාරපාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස මෙහි නමද වෙනස් කර තිබෙන අතර නවීන ආකාරයට ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට ඒ සදහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක්ද ලබා දී තිබෙනවා.

මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා රජයේ රෝහල්වලට ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

Exit mobile version