Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අලි සංරක්ෂණාගාරය ආරම්භ කිරීමෙන් පසු 2025 දී වාර්තාගත ආදායමක්

පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම්

පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම්

පසුගිය වසරේ දී පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් රුපියල් මිලියන 1042ක ආදායමක් උපයා තිබෙනවා.

මෙය 1975 වසරේ දී අලි සංරක්ෂණාගාරය ආරම්භ කිරීමෙන් පසු වාර්තාගත ආදායම ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ.

පසුගිය වසරේ දී පින්නවල අලි ඇතුන් නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයන් එක්ලක්ෂ අනූතුන්දහස් හයසිය පනස්හයදෙනෙකු පැමිණ තිබෙනවා.

එමෙන්ම දේශීය සංචාරකයන් හාරලක්ෂ තිස්අටදහස් තුන්සිය හැටහතරදෙනෙකු පැමිණ ඇති බව පින්නවල අලි සංරක්ෂණාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරන් මැදවල මහතා පවසනවා.

ඒ අනුව 2025 වසරේ දී මෙම මධ්‍යස්ථානයෙන් රුපියල් මිලියන 1042කට අධික ආදායමක් ඉපැයීමට හැකිව තිබේ.

Exit mobile version