ග්‍රාමීය මාර්ග 40ක අද (01) සිට බස් ධාවනය ආරම්භ කරන බව ප්‍රවහන හා මහා මාර්ග අමාත්‍යංශය පවසයි.
එහි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ, ජනාධිපතිවරයාගේ අයවැය යෝජනාවකට අනුව එය ක්‍රියාත්මක කෙරෙන බවය.
ඒ එම ග්‍රාමීය ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන්ය.
සිසු සැරිය, ගැමි සැරිය සහ නිසි සැරිය වෙනුවෙන් වෙන් කල රුපියල් මිලියන 3300ට අමතරව රුපියල් මිලියන 2000ක් ඒ සඳහා වෙන් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

