Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවේ පළමු වරට ඩ්‍රෝන නියමුවන්ට NVQ සහතික

ලංකාවේ පළමු වරට ඩ්‍රෝන නියමුවන්ට NVQ සහතිකයක්

ලංකාවේ පළමු වරට ඩ්‍රෝන නියමුවන්ට NVQ සහතිකයක්

දිවයිනේ ප්‍රථම වතාවට ඩ්‍රෝන නියමුවන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත් පිරිනැමීමක් සිදු කෙරුණි.

එය පසුගියදා කොළඹ 07, විජේරාම පාර පිහිටි SLIDA ආයතනයේදී උත්කර්ෂවත් අයුරින් සිදු විය.

මෙම උත්සවය සංවිධාන කළේ, මෙරට පිහිටි වෘත්තීය ඩ්‍රෝන නියමුවන් පුහුණු කරන හා NVQ 03 සහ 04 සහතික ලබාදෙන එකම ආයතනය වන IGAS ඇකඩමිය මඟින්ය.

ප්‍රධාන ආරාධිතයා ලෙස සම්මානිත මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහතා සහභාගී වූ අතර, ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා ඇතුළු විද්වතුන් පිරිසක්ද IGAS ඇකඩමියේ අධ්‍යක්ෂ විශ්‍රාමික ලුතිනන් කර්නල් රසික කහදගම මහතා සහ කාර්ය මණ්ඩලය සමඟ මෙම අවස්ථාවට සහභාගී විය.

ජාතික වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කළ සියුසිසුවියන් 37 දෙනෙකුට මෙහිදී සහතික පත් ප්‍රදානය කෙරුණි.

IGAS ඇකඩමියේ අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් රසික කහදගම මහතා සඳහන් කළේ, මෙම පුහුණුව සම්පූර්ණ කරන සිසුන්ට ජපානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පස් අවුරුදු රැකියා වීසා ලබා දීමේ අවස්ථාව සලසා ඇති බවයි.

අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, සිසුන්ට සාධාරණ මුදලකට සහ පහසුකම් රැසක් යටතේ ජපානයට යාමට අවස්ථාව ඇති අතර, අවශ්‍ය නම් සහන බැංකු ණය ලබා ගැනීමේ හැකියාවද සලසා ඇති බවයි. රටේ තරුණ තරුණියන්ගේ උනන්දුව ඉහළ යාමත් සමඟ, IGAS ඇකඩමිය සෑම අවස්ථාවකදීම මෙම පුහුණුව සහ පහසුකම් සැපයීමට සූදානම් බව අවධාරණය කරන ලදී.

Exit mobile version