Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය පිහිටුවීමට අනුමැතිය

ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය පිහිටුවීමට අනුමැතිය

ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය පිහිටුවීමට අනුමැතිය

වඩාත් සංවිධිත හා කාර්යක්ෂම ආකාරයෙන් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන සේවා සැපයීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඒකාබද්ධ කර, වඩාත් බලාත්මක තනි ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස 2025-03-17 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, එකම කාර්යය පුනර්වර්තීකරණය අවම කිරීම, ආයතනික සේවා සැපයීම ශක්තිමත් කිරීම මෙන් ම කාර්මීකරණ පරිවර්තනය, ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය හා අපනයනාභිමුඛ ව්‍යවසාය සංවර්ධනය සඳහා ජාතික ඒකාබද්ධ වේදිකාවක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ස්ථාපිත කිරීම, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් සංකල්පීකරණය, උපායමාර්ගික සැලසුම්කරණය හා ක්‍රියාත්මක වීම යන තුන් අදියර රාමුවක් යටතේ ආරම්භ කර තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්තිපාදක ණය වැඩසටහන යටතේ අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීමට ද මේ වන විට කටයුතු කරමින් පවතිනවා.

ඒ අනුව, යෝජිත ‘ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය’ සම්බන්ධයෙන් වන සංකල්ප රාමු කෙටුම්පත අනුව ඉදිරි කටයුතු කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ.

Exit mobile version