Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහජන හදිසි අවස්ථා තත්ත්වය ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන හදිසි අවස්ථා තත්ත්වය ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන හදිසි අවස්ථා තත්ත්වය ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාව පුරා දැනට ක්‍රියාත්මක වන මහජන හදිසි අවස්ථා තත්ත්වය (State of Public Emergency) තවදුරටත් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇති අතර, ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මෙම මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත.

Exit mobile version